සෞදියට හෂීස් ගෙනියන්න හදලා



සෞදි අරාබියට නීතිවිරෝධී ලෙස හෂීස් කිලෝග්‍රෑම් 46ක් රැගෙන යාමට උත්සාහ කළ 5 දෙනෙකු අසීර් දේශසීමා ආරක්ෂකයින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සෞදි දේශසීමා ආරක්ෂක නීති උල්ලංඝනය කරමින් හෂීස් කිලෝග්‍රෑම් 46 ක් ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ ඉතියෝපියානු ජාතිකයින් පස් දෙනෙකු අසීර් දේශසීමා ආරක්ෂක භටයින් අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ ජාවාරම්වලට සම්බන්ධ ඕනෑම සැක කටයුතු ක්‍රියාකාරකම් කඩිනමින් දැණුම් දෙන ලෙස සෞදි ආරක්ෂක අංශ සියළුදෙනාගෙන් ඉල්ලීමක් කරයි.

මක්කා, රියාද් හෝ නැගෙනහිර කලාපයෙන් 911 ඇමතීමෙන් හෝ රාජධානියේ වෙනත් ස්ථානවලින් 999 ඇමතීමෙන් එවැනි ක්‍රියාකාරකම් වාර්තා කළ හැකිය.

එසේ නොමැතිනම්, 995 ඇමතීමෙන් හෝ [email protected] විද්‍යුත් ලිපිනය මඟින් මත්ද්‍රව්‍ය පාලන අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධ කර ගත හැකිය.

සියලුම වාර්තා ඉතා රහසිගතව තබාගනු ලැබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnlineරියාද් නුවර)

RECOMMEND POSTS