හොඳම ජීවන තත්ත්වය අතින් 4 වැනි තැනට



ඕමානය ලොව හොඳම ජීවන තත්ත්වයන් ඇති රටවල් අතරින් සිව්වන ස්ථානයට පත්ව ඇති බව වාර්තා වේ.

ලක්සම්බර්ග්, නෙදර්ලන්තය සහ ඩෙන්මාර්කය පිළිවෙලින් පළමු, දෙවැනි සහ තෙවැන ස්ථාන හිමි කරගෙ ඇත.

ලක්සම්බර්ග් ප්‍රසාද ලකුණු  219.3ක් ලබා පළමු ස්ථානයටත්, නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු 207.5ක් ලබා දෙවැනි ස්ථානයටත්, ඩෙන්මාර්කය ප්‍රසාද ලකුණු 205.6ක් ලබා තෙවැනි ස්ථානයටත් පත් විය.

ඕමානය ප්‍රසාද ලකුණු 204ක් ලබාගෙන සිව්වන ස්ථානයට හිමිකම් කියයි.

ජීවන තත්ත්ව දර්ශකය, මිලදී ගැනීමේ හැකියා දර්ශකය, ආරක්ෂණ දර්ශකය, දේශගුණික දර්ශකය, පරිසර දූෂණ දර්ශකය, නිවාස මිල සහ ආදායම් අනුපාතය, ජීවන වියදම් දර්ශකය, සෞඛ්‍ය ආරක්ෂණ දර්ශකය සහ රථවාහන ගමනාගමන කාල දර්ශකය වැනි සාධක සලකා බලා තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - මස්කට් නුවර)

RECOMMEND POSTS