හිස්බුල්ලා සංවිධානයට පලස්තීනුවන්ගෙන් දොස්



ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් මියයද්දී, හිස්බුල්ලා සංවිධානය කිසිවක් නොකර බලා සිටිනවා යැයි ලෙබනනයේ පලස්තීන වැසියෝ චෝදනා නගති.

ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානය, දේශපාලන අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විතය. ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහාය ලබා දෙන්නේත්, ආයුධ ලබා දෙන්නේත් හිස්බුල්ලා සංවිධානයයි.

හිස්බුල්ලා නායක හසාන් නසරල්ලා අවස්ථා ගණනාවකදී ඊශ්‍රායලයට අනතුරු අගවමින් පවසා ඇත්තේ ගාසා තීරයේ පලස්තීන වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමෙන් වැලකී සිටින ලෙසය.

ඊශ්‍රායලය සමඟ යුද ගැටුමකට මැදිහත් වීමට අකමැති බවත්, එසේ යුද ගැයුමක් හටගත්තොත්, එය වසර ගණනක් දිග්ගැස්සෙනු ඇති බවත් හිස්බුල්ලා නායකයා පෙන්වා දී ඇත. ලෙබනනයේ සිටින පලස්තීනුවන්ගේ අප්‍රසාදයට මෙය හේතුවක් වී තිබේ.


RECOMMEND POSTS