හජ් ඇවිත් සැත්කමකුත් කරගෙන



සෞදි අරාබියේ මක්කම නුවර හජ් වන්දනාවේ පැමිණි වන්දනාකරුවෙකුට හදිසි අක්ෂි ශළ්‍යකර්මයක් සිදුකර ඇති බව වාර්තා වේ.

වම් ඇසේ දෘෂ්ටි විතානයේ සිදුරක් තිබීම හේතුවෙන් පෙනීමේ දුර්වලතාවයක් ඇති වී ඇත.

58 හැවිරිදි කුර්කි ජාතික කාන්තාවකට මක්කම නුවර අබ්දුල්ලා රජු වෛද්‍ය නගරයේ වෛද්‍ය කණ්ඩායමක් අක්ෂි ශළ්‍යකර්මට සිදුකර ඇත.

රෝගියා සම්පූර්ණ සුවය ලබා ඇති බවත්, ඇයට හජ් වන්දනා කටයුතු දිගටම කරගෙන යාමට හැකි වනු ඇති බව ශල්‍යකර්මය සිදුකළ වෛද්‍ය කණ්ඩායම ප්‍රකාශ කරයි.

.ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - මක්කම නුවර)

RECOMMEND POSTS