සතුන් 400,000 ක් පරීක්ෂා කරලා



සෞදි අරාබියේ මක්කම නුවරට සතුන් රැගෙන ඒමට පෙර දැඩි පරීක්ෂාවකට ලක් කර ඇති බව වාර්තා වේ.

හජ් සමය සඳහා සියලුම ආනයනික සහ දේශීය සතුන් සෞඛ්‍ය සම්පන්න සහ බෝවන රෝගවලින් තොර බව සහතික කිරීම සඳහා ශාක පළිබෝධ සහ සත්ව රෝග වැළැක්වීම සහ පාලනය සඳහා වන ජාතික මධ්‍යස්ථානය පරීක්ෂාවට ලක් කර ඇත.

මෙම පරීක්ෂාව 2024 මැයි 23 සිට 2024 ජුනි 9 දක්වා සිදු කර ඇත.

වසංගත රෝග පාලන කණ්ඩායම් මක්කම නගරය ආශ්‍රිත පිවිසුම් වලදී ඔවුන්ගේ පරීක්ෂණ අඛණ්ඩව කරගෙන යයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

RECOMMEND POSTS