රියාල් මිලියන 56 ක රෝහලක් ඉදිකරයි



ඕමානයේ උතුරු අල් ෂර්කියා ආණ්ඩුකාර ප්‍රදේශයේ නවීන රෝහලක් ඉදිකරන බව වාර්තා වේ.

අදාල රෝහල් ව්‍යාපෘතිය “අල් නාමා රෝහල් ව්‍යාපෘතිය“ලෙස නම් කර ඇති අතර, එම ව්‍යාපෘතියට සෞඛ්‍ය අමාත්‍යාංශය මුල්ගල් තැබු බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

මෙම රෝහල ඉදිකිරීම සඳහා ඕමාන් රියාල් මිලියන 56.05 ක් ඇස්තමේන්තු කර ඇත.

සියලුම වැඩ අවසන් වු පසු, රෝහලේ මුළු ඇඳන් සංඛ්‍යාව 5,024කින් සමන්විත වන බවත්, පුරවැසියන්ට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් සපයන බව ඕමාන් සෞඛ්‍ය සංවිධානයේ උප-ලේකම් (සැලසුම්) ආචාර්ය අහමඩ් සලීම් අල් මන්දාරි පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - මස්කට් නුවර)

RECOMMEND POSTS