රෆා නගරයට ඊශ්‍රායල ප්‍රහාර: ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි



ඊශ්‍රායලය, පලස්තීන වැසියන්ගේ ජීවිත අනතුරේ දමමින්, රෆා නගරයට දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්විය.

ඊශ්‍රායල හමුදා  රෆා නගරයට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියෝ 55 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මෙය ඇමෙරිකාවේ පවා අප්‍රසාදයට හේතුවක් විය. 

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත්තේ, පලස්තීන සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාරය එල්ල වූයේ අත්වැරදීමකින් බවය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වූයේ එම ප්‍රහාරය සහ ඊශ්‍රායල හමුදා දිගින් දිගට රෆා නගරයට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය.


RECOMMEND POSTS