යුද්ධය අවසන් කරන්නේ නැහැ



ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් මුදා ගැනීමට තාවකාලික සටන් විරාමයක් කැමැත්ත පළ කළත්, හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ආරම්භ කළ යුද්ධය කිසිම අවස්ථාවක අවසන් නොකරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අවධාරණය කරයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු මෙසේ අවධාරණය කළේ රූපවාහිනී පුවත් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. ‘සටන් විරාසයක් ආරම්භ කරන්නේ නම්, එසේ කරන්නේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයෙ සිටින ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට පමණයි. අප මේ යුද්ධය ආරම්භ කළේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දමන්නයි. එය අවසන් කරනතුරු යුද්ධය නවත්වන්නේ නැහැ’ යැයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS