මොළයෙන් විශාල ගෙඩියක් ඉවත් කරලා



සෞදි අරාබියේ හජ් වන්දනාවේ පැමිණි 70 හැවිරිදි ඇල්ජිරියානු ජාතිකයෙකුගේ මොළයේ තිබු විශාල ප්‍රමාණයේ පිළිකා ගෙඩියක් ඉවත් කර ඇති බව වාර්තා වේ.

පැය හතක ශල්‍යකර්මයකින් පසුව සාර්ථකව ගෙඩිය ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට හැකි වී තිබේ.

මක්කම නුවර පිහිටි අබ්දුල්ලා රජු වෛද්‍ය නගරයේ ස්නායු විද්‍ය මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ශළ්‍ය කර්මය සිදුකර ඇත.

70 හැවිරිදි ඇල්ජිරියානු ජාතිකයාගේ සෞඛ්‍ය තත්ත්ව යහපත් අතට හැරිමෙන් පසු රෝහලෙන් පිට ව ගොස් හජ් ආගමික වතාවත් සම්පූර්ණ කිරීම සඳහා සිය පිරිස සමඟ නැවත එක් වී ඇත.

තම ශළ්‍යකර්මය සාර්ථක කරගැනීම සඳහා උදව් උපකාර කළ ‍ සියලුම දෙනාට ඇල්ජිරියානු ජාතිකයා සිය කෘතඥතාවය පළ කළේ ය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - මක්කම නුවර)

RECOMMEND POSTS