මොරිටේනියානු විදේශ ඇමති හමුවෙයි



සෞදි විදේශ කටයුතු අමාත්‍ය, ෆයිසාල් බින් ෆර්හාන් බින් අබ්දුල්ලා කුමරු මොරිටේනියානු විදේශ ඇමති, මොහොමඩ් සාලෙම් ඕල්ඩ් මර්සූග් හමු වී ඇති බව වාර්තා වේ.

මෙම හමුව මනමා නුවරදී සිදු ව ඇති අතර, ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම දෙරටේ විවිධ ක්ෂේත්‍රයන් සංවර්ධනය කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳව සමාලෝචනය කළ බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

කලාපීය සහ ජාත්‍යන්තර ක්‍ෂේත්‍රවල වර්ධනයන් සහ ඒ සඳහා දරන උත්සාහයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(GDNOnline - මනමා නුවර)


RECOMMEND POSTS