බ්‍රිතාන්‍ය නව අගමැතිගෙන් ඊශ්‍රායල අගමැති ඇමතුමක්



බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් එරට කම්කරු පක්ෂ නායක කියේර් ස්ටාර්මර් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට ඇමතුමක් දුන්නේය. බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ලෙස ස්ටාර්මර් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු අතරේ දුරකතන කතාබහක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.

ඊශ්‍රායල හමාස් අර්බුදය කඩිනමින් විසඳා ගැනීමට අවශ්‍ය බවත්, වහාම සටන් විරාමයකට යා යුතු බවත් බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන්නේය. ඊශ්‍රායල හමාස් ගැටුම ලෙබනන දක්වා දුරදිග යමින් පවතින අතර, එය එසේ නොවීමට වගබලාගතයුතු යැයි බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට අවධාරණය කළේය.


RECOMMEND POSTS