ප්‍රහාර සම්පූර්ණයෙන් නවත්වන්න - හමාස් කියයි



ප්‍රහාර එල්ල කිරීම් සම්පූර්ණයෙන් නවතා, ස්ථිරසාර සටන් විරාමයකට යන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට නිදහස ලබා දෙන බව ගාසා තීරයේ හමාස් සංවිධානය ඊශ්‍රායලයට පවසා ඇත.

ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතරේ සටන් විරාමයක් ඇති කිරීමට කටාර් රාජ්‍යයත් ඊජිප්තුවත් මැදිහත් වී සිටින අතර, ඇමෙරිකාව ද දිගින් දිගටම සටන් විරාමයකට යන්නැයි බල කර සිටී.

මේ අතර, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ, ඊශ්‍රායලය සටන් විරාමයකට යන්නේ නම්, එසේ කරන්නේ, හමාස් සටන්කාමීන් ගාසා තීරයෙන් මුලිනුපුටා දැමීමෙන් පසුව බවය.

 (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS