පලස්තීනුවා ජිප් රියේ ගැට ගහලා



පලස්තීනුවන් වෙසෙන, බටහිර ඉවුරේ සිදු කළ වැටලීමකින් පසු, ඊශ්‍රායල හමුදාව, පහර දී තුවාල කර අල්ලා ගත් පලස්තීන ජාතික තරුණයකු හමුදා ජිප් රියක ඉදිරිපස ගැට ගසා ඔහු නගරය පුරා රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍යවලට ලැබී ඇත.

ඊශ්‍රායල හමුදාව මෙම වැටලීම කර ඇත්තේ බටහිර ඉවුරේ ජෙනින් නමැති නගරයේය. ඊශ්‍රායලය පවසන්නේ එම තරුණයා හමාස් ත්‍රස්තවාදියකු බවත්, තමන් ජෙනින් නගරයේ වැටලීම කළේ හමාස් ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් බවත්ය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS