පලස්තීනුවන්ට ජලය නෑ



අවතැන් වී සිටින පලස්තීනුවන්ට බීමට, ඉවුම් පිහුම් වලට, සේදීමට සහ පිරිසුදු  කර ගැනීමට දිනකට ලැබෙන්නේ ජලය මිලි ලීටර් 400 ක් පමණක් බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය ප්‍රකාශ කළේය.

එය දිනකට එක් පුද්ගලයකුට අවම වශයෙන් අවශ්‍ය යැයි ජාත්‍යන්තරව හඳුනාගෙන ඇති ජලය ප්‍රමාණයෙන් සීයයට තුනක් පමණ වන බව එම කාර්යාලය පැවැසුවේය.

ගාසා තීරයේ අවතැන් වූ පලස්තීනුවන් දස දහසක් රැඳී සිටින කඳවුරකට දිනකට ලැබෙන්නේ ජලය ලීටර් හාරදහසක් පමණක් බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය ප්‍රකාශ කළේය.

මෙම තත්ත්වය වැඩියෙන්ම බලපා ඇත්තේ ගාසා තීරයේ වයස අවුරුදු පහට අඩු ළමයින්ට බවත් වයස අවුරුදු පහට අඩු ළමයින්ගෙන් සියයට 29ක් උග්‍ර ස්වසන ආබාධවලින් පෙළෙන බවත් එම කාර්යාලය පැවැසුවේය.


RECOMMEND POSTS