නව ජනපතිගේ සහාය හිස්බුල්ලා සංවිධානයට



ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට තමන්ගේ සහාය නොඅඩුව ලබා දෙන බව, ඉරානයේ ජනාධිපති ධුරයට පත් වූ මසූද් පෙසෙෂ්කියන් අවධාරණය කර තිබේ.

ඉරානය, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට මූල්‍යමය වශයෙන් සහ අවි ආයුධවලින් දිගින් දිගටම අනුග්‍රහය දක්වනු ඇතැයි ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින මසූද් පෙසෙෂ්කියන් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ. මසූද් පෙසෙෂ්කියන්, ඉරාන ජනාධිපති ධුරයට තේරී පත්වුණු මධ්‍යස්ථ මතධාරියෙකි. 

හිස්බුල්ලා සංවිධානය බිහිවූයේ 1982 වසරේ ලෙබනන් සිවිල් යුද සමයේදීය. ඉරානය හිස්බුල්ලා සංවිධානයට සහාය දක්වන්නේ, ඊශ්‍රායලයට එරෙහිවය. හිස්බුල්ලා සංවිධානය පිහිටුවීමට දායක වූයේ ඉරාන විප්ලවීය හමුදාවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS