ටුමාජ්ගේ මරණ දඬුවම කල් යයි



ඉරානයේ ප්‍රකට රැප් ගායකයකු වන ටූමාජ් සලේහිට නියම කළ මරණීය දණ්ඩනය අභියාචන විභාගය අවසන් වන තෙක් අත්හිටුවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ බව සලේහිගේ නීතිඥ අමීර් රයිසියාන් ප්‍රකාශ කළේය.

ටූමාජ් සලේහිගේ දඬුවමට එරෙහිව ගොනුකළ අභියාචන පෙත්සම ඉරාන ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට ගැනීමට තීරණය කළ බවත් ඒ අනුව සලේහිගේ නඩුව නැවත වරක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාග වනු ඇති බවත් රයිසියාන් පැවැසුවේය.

ඉරානයේ 2022 වසරේ පැවැති විරෝධතාවලට සහාය දක්වමින් ප්‍රකාශ නිකුත් කිරීමේ වරදට එම වසරේදී ටූමාජ් සලේහිව ඉරාන බලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවේය.

එම වරදට 2023 වසරේ ජූලි මාසයේදී සලේහිට වසර හයකුත් මාස තුනක සිර දඬුවමක් ඉරාන අධිකරණය නියම කළේය.

මෙම වසරේ ජනවාරි මාසයේදී මෙම වරද ද ඇතුලත්ව තවත් චෝදනා කීපයක් යටතේ ඉරානයේ ඉහළ අධිකරණයක නැවතත් සලේහිට නඩු පැවරීමට බලධාරීන් කටයුතු කළ අතර එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සලෙහිට මෙලෙස මරණීය දණ්ඩය නියම කළේය.


RECOMMEND POSTS