ගාසා පලස්තීන දරුවෝ 21,000 ක් ආගිය අතක් නෑ



ගාසා යුද්ධය අතරතුර පලස්තීන දරුවන් 21,000 ක් ආගිය අතක් නැති බව ‘සේව් ද චිල්ඩ්‍රන්’ ජගත් සංවිධානය පවසයි.

ඊට අමතරව, ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් මියගිය දරුවන් ගණන 4,000 ඉක්මවා ඇතැයි ද ‘සේව් ද චිල්ඩ්‍රන්’ සංවිධානය වැඩි දුරටත් පවසා තිබේ.

අතුරුදන් බව පැවැසෙන දරුවන් ද මියගොස් ඇති බවත්, ඔවුන්ගේ සිරුරු ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් බිමට සමතලා වුණු නිවාස සහ ගොඩනැගිලි සුන්බුන් අතරේ ගොඩගැසී ඇති බවත් ‘සේව් ද චිල්ඩ්‍රන්’ සංවිධානය පැහැදිලි කර ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS