කෝපි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්



සෞදි අරාබියේ පළමු කෝපි නිෂ්පාදන කාර්මාන්ත ශාලාව පිහිටුවීම සඳහා අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ.

කෝපි නිෂ්පාදන කාර්මාන්ත ශාලාව ජාසන් නගරයේ පිහිටුවීමේ බලපත්‍රය ජුබයිල් සහ යාන්බු සඳහා රාජකීය කොමිසමේ සභාපති ඉංජිනේරු. කාලිඩ් අල්-සලෙම් සෞදි කෝපි සමාගමට භාර දී ඇත

මෙම කර්මාන්තශාලාව වර්ග මීටර් 30,000 ක වපසරියක් පුරා විහිදෙන අතර, සෞදි දැක්ම 2030 හි ඉලක්කවලට අනුකූලව හොඳම සෞදි කෝපි වර්ග නිෂ්පාදනය කිරීමට සහ අපනයනය කිරීමට සහ දේශීය හා ගෝලීය සැපයුම් දාමයන් ඉහළ නැංවීමට සැලසුම් කර ඇත.

සෞදි කෝපි නිෂ්පාදන කාර්මාන්ත ශාලාව මහජන ආයෝජන අරමුදලට අයත් වේ.

එය දේශීය කෝපි නිෂ්පාදනයට සහාය වීම සහ ගෝලීය වශයෙන් කෝපි ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

RECOMMEND POSTS