කුරාන් කටපාඩම් පන්ති වැඩි කරයි



සෞදි අරාබියට හජ් වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ ආගමික දැණුම වැඩිකිරීම සඳහා කුරානය කටපාඩම් කරවීමේ පන්ති සංඛ්‍යාව ඉහළ දමා ඇති බව වාර්තා වේ.

වැඩිබැතිමන් සංඛ්‍යාවකට ශුද්ධ වූ කුරානය පිළිබඳ ගැඹුරුඅවබෝධයක් සහ ගැඹුරින් අධ්‍යනය කිරීමට අවස්ථාවක් ලබාදීමේ අරමුණින් පවත්වනු ලබන පන්ති සංඛ්‍යාව ඉහළ දැමීමට කටයුතු කරඇත.

මෙම පන්තිවලට ගැහැණු පිරිමි 1,000කට ආසන්න පිරිසක් එකවර සහභාගි වෙයි.

විශේෂඥ මගපෙන්වීම් සහ සහාය ලැබෙන බව සහතික කිරීමට ඉහළ දැනුමක් ඇති ගුරුවරුන් පිරිසක් මෙම පන්තිවල ඉගැන්වීමේ කටයුතුවල නිරත වන බව හජ් ආගමික කමිටුව ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

RECOMMEND POSTS