ඊශ්‍රායල ප්‍රාණඇපකරුවෝ 4 ක් මරුට



හමාස් සංවිධානය පසුගිය ඔක්තෝබර් 7 වැනිදා පැහැරගත් තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සිව් දෙනෙකු මියගොස් ඇති බවත් මියගිය ප්‍රාණ ඇපකරුවන්ගේ මෘතදේහ හමාස් සංවිධානය බාරයේ තිබෙන බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව මියගිය ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට දැනුම් දුන්නේය.

මෙලෙස මියගොස් ඇත්තේ චේම් පේරි, යොරාම් මෙට්ස්ගර්, අමිරාම් කූපර් සහ නඩව් පොපල්වෙල් නම් ඊශ්‍රායල ජාතිකයන් සිව්දෙනකු බවත් ඔවුන් අමානුෂික ලෙස හමාස් සංවිධානය අතින් ඝාතනය වී ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හැගරි පැවැසුවේය.

ලද බුද්ධි තොරතුරු මත මෙම ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනා මියගිය බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ බවත් ආගමික සේවා අමාත්‍යාංශය සහ ඊශ්‍රායලයේ ප්‍රධාන ආගමික නායකයා සමඟ සම්බන්ධීකරණයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ කමිටුවක් එය තහවුරු කළ බවත් හැගරි ප්‍රකාශ කළේය.ඛාන් යූනිස් නගරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම ක්‍රියාත්මක වූ අවස්ථාවේ ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනා ඝාතනය වන්නට ඇතැයි ඇස්තමේන්තු කර ඇති බවත් ඝාතනය වන අවස්ථාවේ ඔවුන් සිව්දෙනා එක් ස්ථානයක රඳවා සිට ඇති බවට විශ්වාසදායි තොරතුරු තිබෙන බවත් හැගරි පැවැසුවේය.

එසේම එම ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනාගේ මෘතදේහ හමාස් සංවිධානය බාරයේ තිබෙන බවටද බුද්ධි තොරතුරු තිබෙන බව හැගරි ප්‍රකාශ කළේය.


RECOMMEND POSTS