ඉරාන විප්ලවීය හමුදාව කැනඩා ත්‍රස්ත ලැයිස්තුවට



ඉරාන විප්ලවීය හමුදාව ‘ත්‍රස්තවාදීන්’ ලෙස නම් කරමින් ඔවුන් කැනඩාවේ ත්‍රස්ත ලැයිස්තුවට ඇතුළත් කිරීමට කැනඩා රජය තිරනය කර තිබේ.

කැනඩා රජය මෙම තීරනය ගත්තේ ඉරානයේ සිටින කැනඩා වැසියන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් කඩිනමින් ඉරානයෙන් ඉවත් කර ගැනීමෙන් ද අනතුරුව යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ත්‍රස්තවාදය පිටුදැකීමක් ලෙස, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා අරමුදල් රැස් කිරීම නැවැත්වීමට මෙම පියවර ගත් බව කැනඩා රජය පැහැදිලි කර ඇත. ඉරාන විප්ලවීය හමුදාවේ සහාය, ඊශ්‍රායල විරෝධී හිස්බුල්ලා සහ හමාස් සංවිධානවලට හිමිවී මුල්කොට ගනිමින්, කැනඩා රජය මෙම තීරණය ගත් බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මේ වනවිට ඇමෙරිකාව ද ඉරාන විප්ලවීය හමුදාව ඔවුන්ගේ ත්‍රස්ත ලැයිස්තුවට එක් කර තිබේ. ඒ, ඇමෙරිකන් විප්ලවීය හමුදා සාමාජිකයන් ත්‍රස්තවාදීන් ලෙස නම් කරමිණි.

කැනඩාව ගත් තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, කැනඩාවට එරෙහිව තීරණයක් ගැනීමට තමන්ට අයිතියක් ඇතැයි ඉරාන රජය වෙනුවෙන් වරට විදේශ කටයුතු අමාත්‍ය නසාර් කාන්නානි පවසා ඇත.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS