අලුතින් ගෑස් නිධියක් සොයා ගනියි



සාජා හි අල් සාජා කාර්මික ප්‍රදේශයට උතුරින් පිහිටි අල් හඩිබා ප්‍රදේශයෙන් නව ගෑස් නිධියක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

අලුතින් සොයා ගත් ගෑස් නිධිය සම්බන්ධයෙන් සාජා ඛනිජ තෙල් කවුන්සිලය පසුගියදා නිවේදනයක් නිකුත් කළේ ය.

සාජා නුවර ජාතික තෙල් සංස්ථාව පසුගිය මාස කිහිපය තුළ සිදුකළ කැණීමකින් පසු නව ගෑස් නිධිය සොයාගැනීමට සමත්ව තිබේ.

වායු සංචිත ප්‍රමාණය තහවුරු කරගැනීම සඳහා ඉදිරි දිනවලදී පරීක්ෂා කටයුතු ආරම්භ කරන බව ජාතික තෙල් සංස්ථාව පවසයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - සාජා නුවර)

RECOMMEND POSTS