අරක්කු විෂ වී 8 මරුට: 81 රෝහලේ



මොරොක්කෝ වේ රබාත් නගරයට උතුරින් පිහිටි සිඩි අලල් ටාසි නගරයේ පුද්ගලයින් පිරිසක් මෙතනෝල් කවලම් කර අරක්කු වර්ගයක් පානය කිරීම හේතුවෙන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

තවත් 81 දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින් සිටින බව මෙරොක්කෝ බලධාරිහු ප්‍රකාශ කරති.

මෙම මරණ සියල්ල අඟහරුවාදා සහ බදාදා අතර කාලය තුළ වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනය කරන බව අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රබාත් නුවර)

RECOMMEND POSTS