ඉරාන ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 6 ක්



ඉරාන ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 6 දෙනෙක් සුදුසුකම් ලබා සිටිති. එම 6 දෙනා අතරේ ඉරාන කතා නායක මොහොමඩ් බාගේර් ගලිබාෆ් ද සිටී.

ඉරානයේ හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි පසුගිය ජූනි 28 වැනිදා හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වීම නිසාය.

ඉරානයේ බලවතා එරට උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනිය. උත්තරීතර නායකයා යටතේ භාරකාර මණ්ඩලයක් පවතී.

මෙම භාරකාර මණ්ඩලයට නියෝජිතයන් පත් කරන්නේ ද කමේනිය. ජනාධිපතිවරණයක් කැඳවූ විට අපේක්ෂකයන් ඔවුන්ගෛ් ඉල්ලුම්පත් භාරකාර මණ්ඩලයට ඉදිරිපත් කරයි.

භාරකාර මණ්ඩලය සුදුසු අපේක්ෂයන් තෝරා අලී කමේනීට යොමු කරන අතර, අවසන් අපේක්ෂයන් තෝරා ඔවුන්ට අනුමැතිය දෙන්නේ අලී කමේනීය. ජනාධිපතිවරණය ඉන්පසු පැවැත්වෙන අතර, ජනතා ඡන්දයෙන් අපේක්ෂකයකු තෝරා ගැනෙයි.

ඉරානයේ හිටපු ජනාධිපතිවරයකු වුණු මහමුද් අහ්මදිනේජාද් ද යළිත් වරක් මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇයැදුම් කළේය. කෙසේ නමුත් භාරකාර මණ්ඩලය ඔහු ප්‍රතික්ෂේප කළ බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS