සෞදිය බහරේනයේ ගස් මිලියනයක් සිටුවයි



සෞදි අරාබිය බහරේනයේ ගස් මිලියනයක් සිටුවීම සඳහා වන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

බහරේන් අගනුවර වන මනමා හි තෝරා ගත්  ස්ථාන කිහිපයක මුල් අදිරයේදි ගස් ලක්ෂයක් සිටුවීම මේවනවිට ආරම්භ කර ඇත.

මෙම වන ව්‍යාපෘතිය “සෞදි අරාබියේ සිටුවා බහරේනයේ වගා කරමු” යනුවෙන් නම් කර ඇත.

බහරේනයේ හරිත ප්‍රදේශ වැඩි කිරීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, පුරවැසියන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම, දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීම සහ කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(Arabnews - රියාද් නුවර)

RECOMMEND POSTS