ඊශ්‍රායල ප්‍රහාරයකට මුහුණ දෙන්න සූදානම්



ඊශ්‍රායලය කුමන ආකාරයේ ප්‍රහාරයක් එල්ල කළත්, ප්‍රති ප්‍රහාර එල්ල කරමින්, ඊට මුහුණ දෙන්න ඉරානය සූදානම් යැයි ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි පවසා ඇත. ඉරාන ජනාධිපති රයිසි මෙසේ කීවේ, කටාර් එමීර් තමිම් බින් හමාද් අල් තානී ට ඇමතුමක් ලබා දුන් අවස්ථාවේදීය.

ඉරානය සහ ඊශ්‍රායලය අතරේ මේ වනවිට හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය තවත් දුර දිග යෑමට ඉඩ නොතබා සමතයකට පත් කරගත යුතු බව ඊහ්‍රායල හිතවාදී බටහිර රටවල පමණක් නොව, මැදපෙරදිග රටවල ද විශ්වාසය වී ඇත.

කටාර් එමීර් ඉරාන ජනාධිපතිවරයාට ඇමතුමක් දී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. ඊශ්‍රායලය කුමන ආකාරයේ ප්‍රහාරයක් එල්ල කළත්, ප්‍රති ප්‍රහාර එල්ල කරමින්, ඊට මුහුණ දෙන්න ඉරාන විප්ලවීය හමුදාව සූදානම් යැයි ඉරාන ජනාධිපති රයිසි පැවැසුවේ එම අවස්ථාවේදීය.

ඉරානය, ඊශ්‍රායලයට මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කළේ පසුගිය 13 වැනිදාය. එම ප්‍රහාරයට හේතුව වූයේ පසුගිය අප්‍රේල් පළමු වැනිදා ඊශ්‍රායලය සිරියාවේ ඩමැස්කස් අගනුවර ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පලිගැනීමක් වශයෙනි.

සිරියාවේ ඩමැස්කස් අගනුවර තම කොන්සල් කාර්යාලයට පහර දුන්නේ ඊශ්‍රායලය යැයි ඉරානය චෝදනා කළත්, ඊශ්‍රායලය එම චෝදනා  පිළිගෙන හෝ ප්‍රතික්ෂේප කර හෝ නැත.

පසුගිය 13 වැනිදා ඊශ්‍රායලයට එල්ල වුණු ඉරාන ප්‍රහාරයෙන් ඊශ්‍රායලයට ප්‍රබල හානියක් සිදු නොවිණි. ඒ, ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍යය පමණක් නොව ජෝර්දානය ද ඉරානයෙන් ආ මිසයිල සහ ඩ්‍රෝන යානා ගුවනේ දී පහර දීමට ඊශ්‍රායල හමුදාවට සහාය දැක්වූ බැවිනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS