ඕමානයට හදිසි තත්ත්වයක්



නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන්, ඕමානයේ ආපදා තත්ත්වයක් නිර්මාණය වී ඇත. විදෙස් මාධ්‍ය පැවැසුවේ, අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 17 ක් වාර්තා වී ඇති බවය.

ඕමානයේ පළාත් රැසක පාසල් සහ රජයේ ආයතන වසා දැමීමට ද බලධාරීන් තීරණය කර ඇත. ඒ, එම පළාත් ජලයෙන් යට වී ඇති බැවිනි. ජල ගැලීම්වලට කොටුවුණු පිරිස් මුදා ගැනීමට මෙහෙයුම් ආරම්භ කළ බව ද පැවැසෙයි.

ඕමාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ, ඉදිරි දින කීපය පුරාවට ද මහ වැසි ඇද හැලෙනු ඇති බවය. ඇද හැලෙන මහ වැසි, දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට ද බාධාවක් වී ඇතැයි පැවැසෙයි.

 (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS