තුර්කි පාර්ලිමේන්තුවේ මරණයක්



තුර්කි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තු සභාව අමතමින් සිටියදී, හෘදයාබායකට ලක් වී සිහිසුන්ව ඇද වැටුණි.

කඩිනමින් රෝහල්ගත කළ මන්ත්‍රීවරයා දින දෙකකට පසු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව, තුර්කි සෞඛ්‍ය අමාත්‍ය ෆහ්රෙටින් කෝකා මාධ්‍ය හමුවකදී පැහැදිලි කර තිබේ.

මියගියේ 54 හැවිරිදි හසාන් බිට්මේස් මන්ත්‍රීවරයාය. මොහු නියෝජනය කළේ ඉස්ලාමීය ‘ෆෙලිසිටි’ දේශපාලන පක්ෂයයි. හෘදයාබාධයට ලක් වී ඇද වැටෙද්දී, මන්ත්‍රීවරයා රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් සිටියේය.


RECOMMEND POSTS