හමාස් නායක ඉස්මයිල් තුර්කි ජනාධිපති හමුවෙයි



ගාසා තීරයේ හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායක ඉස්මයිල් හානියේ සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ තුර්කියේ ඉස්තාන්බුල් නුවර ඩොල්මාබාස් මාලිගයේදීය.

හමාස් දේශපාලන අංශ නායකයා තුර්කියට පැමිණියේ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ විශේෂ ආරාධනාවකට අනුවය. ගාසා තීරයේ හමාස් සටන්කාමින්ට එරෙහිව, ඊශ්‍රායලයට ගෙන යන ප්‍රහාර සම්බන්ධයෙන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි. තුර්කිය නේටෝසාමාජික මුස්ලිම් රාජ්‍යයක් වන අතර, ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීනුවන්ට පහර දීම දැඩි ලෙස හෙලා දකී.

පලස්තීන ප්‍රජාව අතරේ ද බෙදීමක් පවතී. පලස්තීනුවන් ජීවත් වන්නේ ගාසා තීරයේ සහ බටහිර ඉවුරේය. හමාස් යනු ගාසා තීරය පාලනය කරන කණ්ඩායමය. බටහිර ඉවුරේ පාලනය කරන්නේ පලස්තීන ජනාධිපති බොහොමද් අබ්බාස් යටතේ පවතින පලස්තීන පාලන අධිකාරියයි.
පලස්තීනුවන් අතරේ එකමුතුකමක් අවශ්‍ය බවත්, එය ඊශ්‍රායලයට එරෙහිව නැගී සිටිමින්, දේශපාලනික විසඳුමක් කරා යෑමට ශක්තියක් වනු ඇති බවත් තුර්කි ජනාධිපතිවරයා, හමාස් දේශපාලන අංශ නායකයාට පෙන්වා දුන්නේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS