ඉස්තාන්බුල් මැතිවරණය: විපක්ෂය දිගටම බලයේ



ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ජය ගනිමින් දිගටම බලයේ රැඳී සිටීමට තුර්කියේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘රිපබ්ලිකන් ජනතා පක්ෂය’ සමත් විය. 

තුර්කියේ වෙළෙඳ අගනගරය ලෙස සැලකෙන්නේ ඉස්තාන්බුල්ය. තුර්කියේ අගනුවර අන්කාරාය. තුර්කි ප්‍රධාන විපක්ෂය, 2019 වසරේ සිට ඉස්තාන්බුල් නගරසභාවේ බලය රඳවා ගෙන සිටී. ඊට පෙර වසර 25 ක් තිස්සේ එක දිගට, තුර්කි ජනාධිපතිගේ ‘ඒ.කේ.’ පක්ෂයයි. 

ඉස්තාන්බුල් අගනුවර දිගටම බලය රඳවා ගැනීමට විපක්ෂය සමත් වීම, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සහ ඔහුගේ ‘ඒ.කේ.’ පක්ෂයය හිමිවුණු ‘අතුල් පහරක්’ යැයි ඇතැම් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 (අල් ජසීරා)


RECOMMEND POSTS