සෞදියෙන් අනතුරු අඟවීමක්



සෞදි අරාබිය අනවසර පුණ්‍යායතනවලට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

සල්මාන් රජුමානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය පරිත්‍යාග ලබා ගැනීමට සහ විදේශයන්හි අවශ්‍යතා ඇති පුද්ගලයින්ට ඒවා ලබා දීමට බලය ඇති එකම ආයතනය බව සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දෙන රටවල්වලට උපකාර කිරීම සඳහා සෞදි අරාබිය නිවැරදි ක්‍රියා පටිපාටි අනුගමනය කරන බවත්, නිවැරදි ආකාරයෙන් අදාල පුද්ගලයන් වෙත ආධාර ලැබෙනවාද නැද්ද යන්න නිරීක්ෂණය කරන බවත්,සූරාකෑමට ලක් නොවන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

නීතිවිරෝධි ආකාරයෙන් පරිත්‍යාග එකතු කිරීම වෙනත් ඕනෑම කටයුත්තක් නීතියට අනුව දඩුවම්වලට යටත් වන බව අමාත්‍යාංශය අවධාරණය කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online  - රියාද් නුවර)

RECOMMEND POSTS