ඉන්දියානුවන් අටකට කටාර් අධිකරණයකින් මරණ දඬුවම



කටාර් අධිකරණයක්, ඉන්දීය නාවික හමුදාවේ නිලධාරීන් අට දෙනකුට මරණ දඬුවම නියම කර තිබේ. ඒ, ඔත්තු බැලීම් චෝදනාවලට එම නිලධාරීන් අට දෙනා අධිකරණය හමුවේ වරදකරුවන් වූ බැවිනි.

එම නාවික හමුදා නිලධාරීන් අට දෙනා අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පසුගිය අගෝස්තු මාසයේය. ඔත්තු බැලීමේ චෝදනා එල්ල වීමෙන් පසු එම නිලධාරීන් අට දෙනා හුදෙකලාව සිරගත කරනු ලැබ සිටි බව ද පැවැසෙයි.

ඔත්තු බැලීමේ චෝදනා සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූයේ ඉන්දීය නාවික හමුදාවේ හිටපු නිලධාරීන් වන පුර්ණේන්දු තිවාරි, සුගුණකර් පකාල, අමිත් නාග්පාල්, කමාන්ඩර් සංජීව් ගුප්තා, නව්ටේජ් සිං ගිල්, බිරේන්ද්‍ර කුමාර් වර්මා, සෞරබ් වසිෂ්ට් සහ සෙයිලර් රගේලර් යන අට දෙනාටය.

තම නාවික හමුදාවේ හිටපු නිලධාරීන්ට මෙසේ මරණ දඬුවම ලබා දීහ සම්බන්ධයෙන් ඉන්දීය රජය කනස්සල්ල පළ කර ඇති අතර, අධිකරණ තීන්දුවයට එරෙහිව පියවර ගැනීමට නීතිමය විකල්පයන් කෙරෙහි අවධානය යොමු කර ඇතැයි ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS