සරණාගතයින් 18,000 කට ප්‍රතිකාර කරලා



චැඩ් රාජ්‍යයේ පිහිටුවා ඇති එමිරේට්ස් රෝහලෙන් සුඩාන සරණාගතයින් 18,000කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබා දී ඇති බව වාර්තා වේ.

2020 ජුලි 09 දින ඇම්ජරාස් නගරයේ මෙම රෝහල ආරම්භ කර ඇති අතර, මේවනවිට රෝගීන් 18,845කට වැඩි ප්‍රමාණයකට ප්‍රතිකාර ලබාදී ඇත.

සුඩාන සරණාගතයින්ට පමණක් නොව ප්‍රදේශවාසීන්ට ද (ළමුන්, වැඩිහිටියන්, පිරිමින් සහ කාන්තාවන්) රෝහලෙන් ප්‍රතිකාර ලබාදෙයි.

දිනකට රෝගීන් 80 ක් පමණ ප්‍රතිකාර ලබාගන්නා අතර, රෝහලේ වෛද්‍ය කණ්ඩායම කුඩා සැත්කම්වල සිට විශාල සැත්කම් දක්වා සැත්කම් 389කට වඩා සාර්ථකව සිදු කර ඇත.

එමිරේට්ස් ජනාධිපති, ෂීක් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් රෝහල පිහිටු වන ලෙස නියෝග කර ඇති අතර, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ මානුෂීය සංවිධාන තුනක සහයෝගීතාවයෙන් ක්‍රියත්මක වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN online - ඩුබායි නුවර)

RECOMMEND POSTS