පෘතුගාල පුස්තකාලයකට යුරෝ මිලියන 7.9ක්



පෘතුගාලයේ කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලයේ ජොආනිනා පුස්තකාලයට යුරෝ මිලියන 7.9ක් සාජා පාලකයා වෙන් කර ඇති බව වාර්තා වේ.

එම පුස්තකාලයේ ඇති දුර්ලභ පොත් සහ අත්පිටපත් 30,000ක් ඩිජිටල්කරණය කිරීම සඳහා යුරෝ මිලියන 7.9 ක ප්‍රදානයක් ලබා දීමට උත්තරීතර කවුන්සිලයේ සාමාජික සහ සාජා පාලක, ආචාර්ය ෂෙයික් සුල්තාන් බින් මුහම්මද් අල් කාසිමි උපදෙස් දී ඇත.

මෙම ඩිජිටල්කරණ ව්‍යාපෘතිය මඟින් ලොව පුරා සිටින පර්යේෂකයන්ට, පාඨකයන්ට සහ විද්වතුන්ට පහසුවෙන් ප්‍රවේශ විය නොහැකි දුර්ලභ හා ඓතිහාසික දැනුම් මූලාශ්‍ර වෙත ප්‍රවේශය ලබා දීම අරමුණු කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(DGN Online - සාජා නුවර)

RECOMMEND POSTS