නෙදන්යාහු-බයිඩන් සාකච්ඡා



හමාස් සටන්කාමන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ දුරකතන කතාබහක් පැවැත්විණි.

ඊශ්‍රායලය පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිට, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඉවක් බවක් නැතිව පහර දෙන්නේ, හමාස් සටන්කාමීන් මුලිනුපුටා දමා, ඔවුන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ප්‍රාණඇපකරුවන් මුදා ගැනීමේ අරමුණින්ය.

ඊශ්‍රායල හමුදාවට අනුව, මේ වනවිට හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් ගණන 133 කි

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS