සලාලා - මස්කට් සම්මාන දිනා ගනියි



ඕමානයේ මස්කට් ජාත්‍යන්තර ගුවන්තොටුපොල මැද පෙරදිග කලාපයේ හොඳම ගුවන් තොටුපළට හිමි 2023 වසරේ සම්මානය දිනා ගැනීමට සමත් වී ඇති බව වාර්තා වේ.

මිලියන 15-20 මගීන් කාණ්ඩයේ ගුවන්තොටුපොලවල් අතරින් පළමු ස්ථානය දිනාගැනීමට මස්කට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සමත් විය.

සලාලා ගුවන්තොටුපලමිලියන 02 ගුවන් මඟී කාණ්ඩයේ මැදපෙරදිග කලාපයේ හොඳම ගුවන් තොටුපළට හිමි සම්මානය දිනා ගත්තේය.

ගෝලීය සංචාරක කර්මාන්තයට මෘදුකාංග සපයන ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණ සමාගමක් වන ඇමඩියස් සමඟ හවුල්කාරිත්වය ඇතිව ජාත්‍යන්තර ගුවන්තොටුපල කවුන්සිලය මෙම සම්මාන දිනා ගෙන ඇති බව නිවේදනය කළේ ය.

ජානක ප්‍රියදර්හන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS