රැප් ගායකයාට මරණ දඩුවම



අත්අඩංගුවේ පසුවූ ඉරානයේ ප්‍රකට රැප් ගායකයෙකු වන ටූමාජ් සලෙහි ට එරට අධිකරණය මරණීය දණ්ඩනය නියම කර ඇතැයි ඉරාන බලධාරීහු ප්‍රකාශ කළහ. මරණ දඬුවම නියම වුවද දඬුවම අවම කර ගැනීම සඳහා අභියාචන කිරීමේ හැකියාව ඔහුට තිබෙන බව ඉරාන බලධාරීහු පැවැසුහ.

හිජාබය නිසි ආකාරයට  පැළඳ නොසිටිමේ චෝදනාවට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ 22 හැවිරිදි මාෂා අමීනි පොලිස් අත් අඩංගුවේ සිටියදී මියයෑමට විරෝධයපාමින් 2022 වසරේදී ඉරානය පුරා විරෝධතා පැවැත්විණි.එලෙස පැවැත්වුණු විරෝධතා සඳහා සහාය දක්වමින් ප්‍රකාශ නිකුත් කිරීමේ වරදට 2022 වසරේදී ටූමාජ් සලෙහිව ඉරාන බලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවේය.

සලෙහිට මෙම වරදටම 2023 වසරේ ජූලි මාසයේදී වසර හයකුත් මාස තුනක සිර දඬුවමක් ඉරාන අධිකරණය නියම කළේය.මෙම වසරේ ජනවාරි මාසයේදී මෙම වරදද ඇතුලත්ව තවත් චෝදනා කීපයක් යටතේ ඉරානයේ ඉහළ අධිකරණයක නැවතත් සලෙහිට නඩු පැවරීමට බලධාරීන් කටයුතු කළ අතර එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සලෙහිට මෙලෙස මරණීය දණ්ඩය නියම කර ඇත.


RECOMMEND POSTS