කයිරෝ ගොඩනැගිල්ලක් කඩා වැටේ



ඊජිප්තුවේ කයිරෝ අගනුවර මහල් නිවාස ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

කඩා වැටුණේ මහල් පහකින් සමන්විත ගොඩනැගිල්ලකි. ගොඩනැගිල්ල පිහිටා තිබුණේ හඩේක් එල් කුබාහ් පළාතේ යැයි පැවැසෙයි.

සුන්බුන් අතරේ සිරවී සිට දිවි ගලවා ගත් සිවුදෙනකු රෝහල්ගත කළ බව කයිරෝ නියෝජ්‍ය ආණ්ඩුකාර හොසාම් ෆවීස් මාධ්‍ය හමුවේ පවසා තිබේ.


RECOMMEND POSTS