ඉරාක කුර්දිස්තානයට ඩ්‍රෝන ප්‍රහාරයක්



ඉරාකයට අයත් කුර්දිස්තානයේ සුලෙයිමානියා නගරයේ අර්බාත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් සිවිල් වැසියෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ඩ්‍රෝන ප්‍රහාරයෙන් තවත් තිදෙනකු තුවාල ලැබූ බව ද පැවැසෙයි. එම ඩ්‍රෝන යානා තුර්කි හමුදාවට අයත් ඒවා යැයි කුර්දිස්තාන ආරක්ෂක අංශ පවසයි. කුර්දිස්තානයේ තුර්කි විරෝධී සහ ඉරාන විරෝධී කණ්ඩායම් බහුලය.


RECOMMEND POSTS