ඊශ්‍රායලයෙන් ඉරානයට ප්‍රහාරයක්



ඊශ්‍රායලය අද (19) ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ඒ, පසුගිය සති අන්තයේ, ඉරානය ඊශ්‍රායලයට මිසයිල සහ ඩ්‍රෝන යානාවලින් එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි.

අද (19) අලුයම් කාලයේ ඊශ්‍රායලය එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයේ ඉලක්කය වූයේ ඉරානයේ ඉෂ්ෆහාන් නමැති නගරයයි. ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කීපයක් ද ඇත්තේ ඉෂ්ෆහාන් නගරය අයත් ඉෂ්ෆහාන් පළාතේය.

 ඊශ්‍රායල මිසයිල එල්ල වෙද්දී, ඉරානයේ ගුවන් ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක විය. එසේ වුවත් පිපිරීම් සිදුවීම් දෙකක් සිදුවිය. ඒ, ගුවන්තොටුපොළක් ආශ්‍රිතවය. එම පිපිරීම්වලින් ජීවිත හානි වාර්තා වී නැත.

ඉදිරි දිනවලදී ඉරානයට පහර දෙන බව ඊශ්‍රායලය කල් තියා දැනුම් දී තිබුණත්, ඇමෙරිකාව, ඒ සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක ඊශ්‍රායලය ද උනන්දුවක් නොදැක්වූ බවත් ඇමෙරිකන් බලධාරීන් අවධාරණය කර තිබේ.

කෙසේ නමුත් ඉරානයට පහර දීමෙන් වළකින ලෙස සහ ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කර ගනිමින් පහර දීම් සිදු නොකරන ලෙස තමන් ඊශ්‍රායලය පැවැසූ බව ද ඇමෙරිකාව වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

ඊශ්‍රායලය ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් ඊට යෙදිය හැකි උපරිම ශක්තිය යොදා පිළිතුරු දෙන බවට ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් අනතුරු අඟවා පැය කීපයක් යද්දී ඊශ්‍රායලය, මෙම ප්‍රහාරය එල්ල කළේ යැයි පැවැසෙයි.

ඊශ්‍රායලයෙන් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වීමත් සමග තෙහෙරාන් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තාවාලිකව වසා දැමුණි.

(අල් ජසීරා)


RECOMMEND POSTS