සිරියාවේ ගුවන්තොටුපොළට හානි



ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් සිරියාවේ ඇලෙප්පෝ නගරයේ ප්‍රධාන ගුවන්තොටුපොළට හානි සිදුවී ඇතැයි වාර්තා වේ.

සිරියානු ආරක්ෂක අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ගුවන්තොටුපොළ භාවිතයට ගැනීමට නොහැකි අයුරින් හානි සිදුවී ඇති බවය. ඊශ්‍රායල ගුවන් හමුදාව ඇලෙප්පෝ ගුවන්තොටුපොළට පහර දී ඇත්තේ, මධ්‍යධරණී මුහුද දෙසින් යැයි වාර්තා වේ.

ඊශ්‍රායලය සහ සිරියාව අතර අර්බුදයක් පවතින්නේ සිරියාවට අයත් ගෝලාන් කඳුකරය, ඊශ්‍රායලය අත්පත් කරගෙන සිටින නිසාය. සිරියානු ජනාධිපති අල් අසාද්ගේ රජයට ඉරානයේ සහාය හිමිවෙයි.

ෂියා මුස්ලිම් ඉරානය සහ ඊශ්‍රායලය අතරේ ද වසර ගණනක විරසකයක් පවතී. ගාසා තීරයේ හමාස් සංවිධානයට මූල්‍ය සහාය ලබාදෙන්නේත් අවි ආයුධ සහ අවි පුහුණුව ලබා දෙන්නේත් ඉරානය යැයි ඊශ්‍රායලය චෝදනා කරයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS