ඊජිප්තු ආරක්ෂක ගොඩනැගිල්ලේ ගින්නක්



ඊජිප්තුවේ ඉස්මයිලියා නුවර ආරක්ෂක අධ්‍යක්ෂ කාර්යාල ගොඩනැගිල්ලේ ගින්නක් හටගත්තේය. ගින්නෙන් ගොඩනැගිල්ලට දැඩි හානි සිදුවිය.

ගින්න හටගත්තේ අද (2) අලුයම කාලයේය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරූ බව පැවැසෙයි.

ගින්නෙන් කිසිවකුටවත් අනතුරක් සිදුවුණු බව වාර්තා වන්නේ නැත. ඊජිප්තුවේ ගොඩනැගිලි නිසි ලෙස නඩත්තු නොකරන බැවින්, ගිනි ගැනීම්වලට ලක් වීම බහුලව සිදුවෙයි.

2022 අගෝස්තුවේ කයිරෝ දේවස්ථානයක ගින්නක් හටගත්තේය. ඒ, විදුලි කාන්දුවක් හේතුවෙනි. එම ගින්නට හසුවීමෙන් මියගිය බැතිමතුන් ගණන 41 කි.

(අල් ජසීරා)


RECOMMEND POSTS