සෞදියෙන් ඝානාවට ආහාර මලු 500



සෞදි අරාබිය ඝානා රාජ්‍යයට ආහාර මලු 500ක් ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

සල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය ආහාර මලු බෙදාදීමට කටයුතු කර ඇති අතර, පවුල් 3,000කට ප්‍රතිලාභ හිමි වේ.

"රාමදාන් පෝෂණ මලු ව්‍යාපෘතියේ" කොටසක් ලෙස 2023 සඳහා බටහිර අප්‍රිකානු රටවල ක්‍රියාත්මක ව්‍යාපෘතියේ කොටසක් ලෙස මෙම ආහාර මලු බෙදාදීමට සෞදි අරාබිය කටයුතු කරයි.

ඝානාවේ නගර පහක අවශ්‍යතා ඇති කණ්ඩායම් 31,800 කට ප්‍රතිලාභ ලබා දෙමින් මූලික ආහාර ද්‍රව්‍ය ඇතුළුව කිලෝග්‍රෑම් 59.8 ක් බරැති ආහාර මලු 5,300 ක් බෙදා හැරීම ව්‍යාපෘතියේ අරමුණයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS