ඉරාක වින්දිතයන්ට ඇමෙරිකාවෙන් වන්දි නෑ



ඇමෙරිකා හමුදා අත්අඩංගුවේ දී, නායෙක් වධහිංසා සහ අපයෝජනයන්ට ලක්වුණු ඉරාක වැසියන්ට ඇමෙරිකාව කිසිදු ආකාරයක වන්දි මුදලක් හෝ ලබා දී නැතැයි මානව අයිතීන් වෙනුවෙන් පෙනී ‘හියුමන් රයිට්ස් වොච්’ ආයතනය චෝදනා නගයි.

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර කේන්ද්‍රකොටගත් ‘හියුමන් රයිට්ස් වොච්’ ආයතනය මෙසේ චෝදනා කර ඇත්තේ විශේෂ වාර්තාවක් එළිදක්වමිනි. ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කළේ 2003 වසරේදීය.

‘හියුමන් රයිට්ස් වොච්’ වාර්තාවට අනුව, 2003 ඇමෙරිකා හමුදා ඉරාකයත් සමඟ අත්අඩංගුවට ගැණුනු ලක්ෂ ගණනකි. ඇමෙරිකන් හමුදා එම ඉරාක වැසියන්, කිසිදු චෝදනා ඉදිරිපත් කිරීමකින් හෝ නඩු පැවැරීමකින් තොරව වසර ගණනක් රඳවාගෙන සිටියේය. ඉරාක වැසියන් රඳවා තැබුණේ ඉරාකයේ ඇමෙරිකන් හමුදා පාලනය යටතේ පැවැති ‘අබු ඝරීබ්’ සහ අනෙක් බන්ධනාගාරවලය.

‘හියුමන් රයිට්ස් වොච්’ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වන්නේ, ඇමෙරිකාව, අසාධාරණයට ලක්වුණු එම ඉරාක වැසියන්ගෙන් සමාව ඉල්ලීමක් හෝ කර නැති බවය.

2003 වසරේ දී ඇමෙරිකා හමුදා සහ ඇමෙරිකාවට සහාය දැක්වූ සෙසු බටහිර හමුදා ඉරාකය ආක්‍රහණය කළේ ඉරාක ජනාධිපති සදාම් හහුසේන්ගේ රජය සතුව ලෝකයට වින කළ හැකි රසායනික අවි ඇතැයි චෝදනා නගමිනි. කෙසේ නමුත් එවැනි විනාශකාරී අවි තිබුණු බවට කිසිදු පැහැදිලි සාක්ෂි හමුවූයේ නැත.


RECOMMEND POSTS