ඕමානයට අධික වැසි



ඕමානයේ උතුරු ප්‍රදේශවලට අධික වැසි ඇද හැලෙන බව වාර්තා වේ.

මස්කට් ආණ්ඩුකාර ප්‍රදේශයේ අ'සීබ්, බවර්, අල් ඇමරත්, කුරියාත්, මස්කට් සහ මුත්රාහ් යන ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බව ඕමාන් කාලගුණ විද්‍ය දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේ ය.

දකුණු අල් බතිනාහි ආණ්ඩුකාර ප්‍රදේශයේ අරුස්ටක්,අල් අවාබි,නඛල්,වඩි අල් මාවිල්,අල් මුසානා සහ  බර්කා යන නගරවලටද අධික වර්ෂාපතනයක් ලැබී ඇත.

ආරක්ෂිත පියවරක් ලෙස ආණ්ඩුකාර ප්‍රදේශ කිහිපයක මාර්ග වසා දැමීමටද කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS