ජාතික රොබෝ විද්‍යා තරඟයක් පවත්වයි



කුවේට් ජාතික රොබෝ විද්‍යා තරඟය සබා අල්-සාලෙම් විශ්වවිද්‍යාල නගරයේ දී මේවනවිට පැවැත් වෙන බව වාර්තා වේ.

කුවේට් විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුව මෙම රොබෝ විද්‍යා තරඟය සංවිධානය කරයි.

පාසල් කණ්ඩායම්වලටද අවස්ථාව ලබාදී ඇති අතර,  කුවේට විශ්ව විද්‍යාලයේ මෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාලවල කණ්ඩායම්ද මෙම තරඟයට සහභාගි වෙයි.

තොරතුරු තාක්‍ෂණය, මෘදුකාංග සහ කෘතිම බුද්ධිය පිළිබඳව වර්තමානයේ  මිනිසුන් තුළ ඇති උනන්දු ගැන තමා සතුටු වන බව කුවේට් විශ්වවිද්‍යාලයේ  උප කුලපති, ආචාර්ය මෙෂාරි අල්-හර්බි ආරම්භක දේශනය පවත්වමින්  ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN online - කුවේට් නගරය)

RECOMMEND POSTS