රැකියා 2ක් කරන්න අවස්ථාවක්



කුවේටයේ පෞද්ගලික අංශයේ සේවකයන්ට අර්ධකාලීන රැකියා කිරීමට අවස්ථාව ලබාදීමට තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන මාර්ගෝපදේශ සහ ඊට අනුරූප ක්‍රියා පටිපාටි හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බව මිනිස් බලය සඳහා වන පොදු අධිකාරිය අනාවරණය කළේ ය.

මුල් සේවායෝජකයාගේ අනුමැතිය සහ දෙවන සේවා යෝජකයාගේ කැමැත්ත ඇතිව, නිසි පරිදි පුරවා මාර්ගගතව ඉදිරිපත් කළ යුතු පෝරමය අධිකාරියට අයත් වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව අධිකාරිය වැඩිදුරටත් අනාවරණය කළේ ය.

රැකියා ලබාදීම සඳහා දැනට අවශ්‍ය කරන නීතිරීති සකස් වෙමින් පවතින අතර,  අනුමැතිය සඳහා අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS