සමාගම් 1,202 කට නඩු



ඒමිරේටයේ රැකියා ප්‍රතිපත්ති උල්ලංඝණය කළ සමාගම් 1,202කට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව වාර්තා වේ.

නීතිවිරෝධි ආකාරයෙන් ඒමිරේට්ස් පුරවැසියන් 1,963දෙනෙකු එමිරේට්කරණ ප්‍රතිපත්තිවලට පිටින් බඳවාගැනීම හේතුවෙන් සමාගම්වලට විරුද්ධව නඩු පැවරීමට ඒමිරේට්ස් මානව සම්පත් සහ ඒමිරේට්ස්කරණ අමාත්‍යාංශය කටයුතු කර ඇත.

ජාතික රැකියා ඉලක්ක මග හැරීමට සහ පුරවැසියන්ට පෞද්ගලික අංශයේ රැකියා ප්‍රවර්ධනය කිරීමට රජය දරන උත්සාහයන් වලක්වාලීමට සමාගම්උත්සාහ කර ඇති බව අමාත්‍යාංශය පවසයි.

රැකියා ප්‍රතිපත්ති උල්ලංඝණය කිරීම්වලට හසු වූ සමාගම්වලටඩිරාම්20,000 සිට ඩිරාම්100,000 දක්වා විශාල දඩ මුදලක් අමාත්‍යාංශය නියම කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS