ලෝක වනජීවි දිනය සමරයි



ඕමානය ලෝක වනජීවි දිනය සැමරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

සෑම වසරකම මාර්තු 3 වන දිනට යෙදෙන ලෝක වනජීවී දිනය වෙනුවෙන් මෙවර විශේෂ වැඩසටහන් සංවිධානය කර තිබු අතර, වනජීවීන් සංරක්ෂණය සහ එහි ඇති වැදගත්කම පිළිබඳව දැණුවත් කිරීමට කටයුතු කර ඇති.

වනජීවී සංරක්ෂණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා ඩිජිටල් නවෝත්පාදනයන් සහ ඩිජිටල් සංරක්ෂණ සේවා භාවිතය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත.

ඕමාන් පරිසර අධිකාරිය පාරිසරික ව්‍යාපෘති ගණනාවක්  ආරම්භ කරමින් වන සතුන් ආරක්ෂා කිරීම සඳහා පුළුල් උත්සාහයක් ගනිමින් සිටියි.

වනජීවී නිරීක්ෂණ ක්‍රියාවලියට මිනිසුන් රහිත ගුවන් යානා (ඩ්‍රෝන) භාවිතය සහ චන්ද්‍රිකා නිරීක්ෂණ උපකරණ ස්ථාපනය කිරීමද ඇතුළත් වේ.

"ජනතාව සහ ග්‍රහලෝකය සම්බන්ධ කරමින් වනජීවී සංරක්ෂණයේ ඩිජිටල් නවෝත්පාදනය ගවේෂණය කිරීම" මෙවර ලෝක වනජීවි දිනයේ තේමාව විය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS