වීසා නොමැතිව ෂෙන්ගන් රටවලට



ගල්ෆ් වැසියන්ට ෂෙන්ගන් වීසා ලබාගැනීමකින් තොරව එම රටවලට යෑමට ඇති හැකියාව සොයා බලන බව වාර්තා වේ.

ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ මහලේකම්, ජාසෙම් අල්බුඩයිවි ෂෙන්ගන් රටවල් කීපයක් සමඟ මේවනවිට සාකච්ඡා කරමින් සිටින අතර, යුරෝපා සංගමයේ අනෙකුත් නායකයින් සමඟ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී රාමසාන් දෙවන සතියේදී සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත ව ඇත.

ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ රාජ්‍යයන් වෙනුවෙන් කතා කිරීමට අදහස් කරන බවත්, එය සාර්ථක වනු ඇතැයි විශ්වාස කරන බව මහලේකම් ජාසෙම් අල්බුඩයිවි ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online )

RECOMMEND POSTS